Total Pageviews

Sunday, November 14, 2010



''වැවයි දාගැබයි ගමයි පන්සලයි" සංකල්පය හා බද්ද වෙමින් අපේ අතීත මුතින් මිත්තන් පරිසරය හා බද්ද වෙමින් අතීතයේ කටයුතු කරන ලදී.ඔවුන් පරිසරය හා දැඩිව බද්ද වෙමින් ගොවිතැන් හා අනෙකුත් කටයුතු කරන ලදී.පරිසරයට කිසිඳු හානියක් නොකර පරිසර පද්ධතියේ සරල වෙනස්කමක් කරගනිමින් ගොවිතැන් බත් කිරීම අපේ මුතුන් මිත්තන්ගේ හුරුකමක් වුණා.සොබා දහමට අනුකූලව ගොවිතැන් බත් කිරීම අපේ මුතුන් මිත්තන්ගේ හුරුකමක්-නැතිනම් සම්ප්‍රදායක් වුණා.මේ නිසා ගොවිතැන් කළේද එම වගාවන් ආරක්ෂා කරගත්තේ ද සොබාදහමට අනුකූල ක්‍රමෝපායන් උපයෝගී කරගෙනයි.ගොයමට වැළඳෙන ලෙඩ රෝග රැසක් මර්දනය කරගැනීම පිණිස සොබාදහමේ පිහිට පැතීමද සිදුවුණා.
ඒ අනුව ගොයමට පණු රෝග වැළඳෙණ විට බට ගෑම සිදු කලා.බට ගෑම සඳහා තරමක් හොඳින් වැඩුණු උණ බටයක් ගන්නවා.එය බඹ තුනක් තරම් ද්ගට ගන්නට ඕනෑ,ඊට පසුව එම උණ බටය පුරාම මිශ්‍රණයක් තවරා ගන්නවා එනම්,කොහොල්ලෑ-දළුක් කිරි හා වරා කිරි එකට මිශ්‍ර කර ඒවාඋණුකර ගැනීමෙනුයි මෙම මිශ්‍රණය තනාගන්නේ.මෙලස තනාගත් මිශ්‍රණයෙන් ආලේපිත උණ බටය දෙකෙළවරින් දෙදෙනකු අල්ලා පණුවන් වැළඳී සිටින ගොයම තලාගෙන යනවා.මෙය බට ගෑම නමින් හඳුන්වනවා.එවිට උණ බටයේ තැවරූ මිශ්‍රණය නිසා පණුවන් මියයනවා.එමගින් වගාවට හා පරිසරයට කිසිඳු අනතුරක් නොවී සොබා දහමට එකඟව රෝග මර්දනයක් සිදුකර ගැනීමට හැකි වුණා.
මෙය ඉතා ප්‍රබල පරිසර ආරක්ෂිත ක්‍රමෝපායක්.අද දවසේ වුවත් ඉතා පහසුවෙන් භාවිතයට ගත හැකියි.ඊට මුදල් වියදම් වෙන්නෙ නැහැ.ඒ වගේමයි පරිසර පද්ධතියට කිසිඳු අයුරකින් හානියක් වෙන්නෙ නෑ,මෙය අප වටහා ගතයුතු වැදගත් කරුනක්.